විපක්ෂය එකතු වන්නේ ආණ්ඩු පෙරළීමට නොව, රට හැදීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඉතිහාසයේ ද විවිධ පුද්ගලයින් දේශපාලනික වශයෙන් එකතු වී ඇත්තේ පුද්ගලයින් පැරදවීමට බවත්, සන්ධානගත විය යුත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති මෙන්ම රටේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉදිරියට යන පිරිසක් සමඟ බවයි අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ එකතු වූයේ රට ගොඩනගන තේමාවෙන් නොව, මහින්ද රාජපක්ෂ පැරදවීමට බවද ඔහු සඳහන් කළා.
කලකට පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තංගල්ල කාල්ටන් නිවසට පැමිණි බවත්, එහිදී ඔහු කෝපි කෝප්පයක් ද පානය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.