හෙට සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම ප්‍රවේශ පත්‍රය ලබා නොගන්නා මගීන්ට ද දඩයක් පැනවීමටයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත්තේ.
මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අනිවාර්ය කර තිබෙනවා.
බොහෝ අවස්ථාවල මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන අතර ගමන් ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් ලබා ගැනීම හමුවේ මගීන් අපහසුතාවයට ද පත්ව තිබුණා.
කෙසේවෙතත් හෙට සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇති පසුබිමක ඇතැම් ප්‍රදේශවල අද සිටම ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරයක් දක්නට ලැබුණා.
එමෙන්ම හෙට සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද ආරම්භ කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ත්‍රී රෝද රථ වෘත්තිය සමිති පෙන්වා දුන්නේ ත්‍රී රෝද රථ සේවාවේ ගුණාත්මකභාවය සඳහා මෙම ක්‍රියාවලිය වඩාත් සුදුසු බවයි.
මේ අතර රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේදී නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය සහතිකය ලබා ගන්නා අවස්ථාවේ තාවකාලිකව රියැදුරු බලපත්‍රය එම ස්ථානයෙන් නිකුත් කිරීම ද අද සිට ආරම්භ වූණා.
නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.
මීට පෙර යම් රියදුරු බලපත්‍රයක සංශෝධන ඇත්නම් ඒවා සකස් කරගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට යාම අත්‍යවශ්‍ය වී තිබූ නමුත්, මෙම ක්‍රමවේදය හරහා ජනතාවට සිය රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේදී නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ම සිය තාවකාලිකව රියැදුරු බලපත්‍රය එම ස්ථානයෙන්ම ලබාගත හැකියි.