ආණ්ඩුව මඩ ගහලා නොහැකියාව වහගන්න හදනවා – ජොන්ස්ටන්

වත්මන් ආණ්ඩුව විසින් අනෙකාට මඩ ගසා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

එහෙත් මිනිසුන් බලාපොරොත්තු වන්නේ තමන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම හා රටේ සංවර්ධනය බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ වනවිට සොයා ගනිමින් ඇති මත් කුඩු සඳහාද රාජපක්ෂවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කිරීමට රජය සූදානම් වන බවද එහිදී හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මඩ ගැසීම සඳහා රජය විසින් පොලිස් දෙපාර්ත‍මේන්තුව ද යොදා ගනිමින් ඇති බවයි එම ජන හමුව අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.