රඳවාගෙන ඇති වාහන ඇපකරමත මුදාහැරිය හැකිදැයි වාර්තා කරන ලෙස රේගුවට නියෝග

රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන තිබෙන වාහන සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයා බලා ලබන 10 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා රේගුවට නියම කළා.

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් 15ක් පමණ අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.