රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයකට ඉඩ දෙන්නේ නැහැ – කාදිනල් හිමිපාණන්

රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයකට ඉඩ ලබා නොදෙන බව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

රටේ දරු පරම්පරාවට අගතිගාමීත්වයට යොමු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ ගණ්ඨක දේව මැදුරේ ප්‍රථම යාඥාවට එක්වෙමින් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින්, සමලිංගික සම්භවයක් දරණ සංචාරකයින්ගෙන් රට තුළට නිදහසේ ධනය උත්පාදනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවද අගරදගුරු හිමිපානන් සඳහන් කළා.

මේවා රටේ සංස්කෘතිය විනාශ කරන වැඩපිළිවෙලවල් වන බවත්, වනචාරී යුගයකට රට ගෙන යාමට ඉඩ ලබාදිය නොහැකි බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ.