අතුරුදන් වූ කූගන් මුර්ගානන්දගේ සහෝදරියන් දෙදෙනෙකු ප්රකාශයක් ලබාදීම සඳහා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර වීරරාජ් සහ කූගන් මුර්ගානන්ද යන අය අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට අදාළව මෙම ප්රකාශය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම විමර්ශන අපක්ෂපාතීව සිදුවනු ඇති බවට විශ්වාස කරන බවයි එම සහෝදරියන් දෙදෙනා ප්රකාශ කර සිටියේ.