මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි සතුව තිබූ ජංගම දුරකථන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද (29) පැවසුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් අද පෙරවරුවේ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා සිටියා.
සැකකාරීය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන දෙකෙහි සැකකාරියගේ මුහුණු මුරපදය (face password) තිබෙන බැවින් ඒ ඉවත් කර ගැනීමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ ඉල්ලා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මෙම ජංගම දුරකථන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කිරීමට තිබෙන බවයි.
පවුම් 40 ක් වටිනවා රන් පැහැති භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මෙම සැකකාරී රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අදාළ සැකකාරී සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාලයට පවතින සම්බන්ධතාවය පිළිබඳව 54 (අ), ( ආ) වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සැකකාරීය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවති.
ඒ සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා .