පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද (29) පොලීසිය වෙත කැඳවා තිබුණා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.