ආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගනිමින් ආසියානු කුසලානයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 යි පන්දු 1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Sahibzada Farhan ලකුණු 57 ක් Fakhar Zaman ලකුණු 46 හා Saim Ayub ලකුණු 14 ක් ලබාගත් අතර අනෙකුත් කිසිඳු ක්රීඩකයෙක් ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට අසමත් වුණා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Kuldeep Yadav කඩුලු 4 ක්, Varun Chakravarthy කඩුලු 2 ක්, Axar Patel කඩුලු 2 ක් හා Jasprit Bumrah එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.