අමෙරිකාවේ මිචිගන්හි මෝමන් දේවස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා.
තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හදුන්වන 40 හැවිරිදි වෙඩික්කරු මෝටර් රථයක් දේවස්ථානය තුළට පදවා එහි ඉදිරිපස දොරටුවේ එය ගැටීමට සලස්වා තිබෙනවා.
පසුව දේවස්ථානය තුළට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර අනතුරුව ගිනි තැබීමක්ද සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේවෙතත් පොලිසිය සමග වෙඩි හුවමාරුවේදී වෙඩික්කරුද මියගොස් තිබෙනවා. මොහු ඇමරිකානු මැරීන් භටයෙකු බවද පසුව අනාවරණය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.