පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105 ක් පසුගිය සති දෙක තුළ වටලා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
ඒ අනුව, වැඩි මිලට සහල් අලෙවි කළ එම වෙළෙඳසැල්වලට නඩු පැවරීමට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අධිකාරිය සඳහන් කළේ.
වසරේ මේ දක්වා කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති අතර, එම වැටලීම්වලින් 1,000කට අධික ප්‍රමාණයකට නීතිමය කටයුතු සිදු කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.