යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළා.
රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලහත්කාරකම්පෑම හා මෝටර්රථ ආඥා පනතේ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධීකරණයට ඉදිරිපත් කළ තිබුණා.
රථ වාහන වරද සම්බන්ධයෙන් වරද පිළිගැනීම සහ ඇප දිය හැකි වරදක් බැවින් ඇප මත මුදා හරින බව පැවසූ මහේස්ත්‍රාත්වරයා නැවත මෙවැනි වැරදි කළහොත් ඇප අවලංගු කර රක්ෂීත බන්ධනාගාර ගත කරන බවද දැනුම් දුන්නා.
සැකකාර මන්ත්‍රීවරයා තවත් මෙවැනි වැරදි සිදු නොකළ යුතු බවට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා තමුන්ට ලබා දෙන අවසන් අවස්තාව මෙය බවද අධිකරණයට දන්වා සිටියා.
විනීතව රථවාහනය ධාවනය කරන්න. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් නිසා නිතිගරුකව ජනතාවට ආදර්ශවත්ව සිටිය යුතුයි. නැතහොත් ජනතාවත් එලෙස හැසිරේවි යැයිද මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිමින් උපදෙස් දුන්නා.
සැකකාර මන්ත්‍රිවරයා ඉදිරිපත් කරමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තු රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොටුව පොලිසිය සඳහන් කර සිටියේ,
“ස්වාමීනී, සැකකාර මන්ත්‍රිවරයා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට බස් නැවතුම්පල ආසන්නයේ රථය නවතා එහි තිබූ උද්ඝෝෂණයට ගොස් තිබුණා නැවත එන විට මෙම ස්ථානයේ වාහන නතර කළ නොහැකි බවට දැනුම් දුන්නා. එහිදි රථ වාහන සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයායකුට බැණ වැදී තිබෙනවා. ඊට අදාළව විමර්ශනයක් පවත්වනවා. සාක්ෂි සටහන් කරගත යුතුයි.සැකකරු විමර්ශන අවසන් නොමැති නිසා ලබන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන්න යැයි කොටුව පොලිසිය ඉල්ලා සිටියා.
සැකකරාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා ඇතුළු නිතිඥ මඩුල්ල සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලමින් මෙසේ කරුණු දැක්වුවා.
“ස්වාමීනී, මගේ සේවා දායකයා රථ වාහන වරද සම්බන්දයෙන් වරද පිළිගන්නවා. එම අවස්ථාවේ පොලිසිය හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියේ නැහැ. මේ සම්බධයෙන් මාධ්‍ය පළ වීමත් සමග අපි සිකුරාදා දින පොලිසියෙන් විමසීමක් කරා.එහිදී පොලිසිය අද එන්න කියලා තිබුණා.ඇප දිය හැකි වරදක් බැවින් සහ වරද පිළිගැනීම හේතුවෙන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලනවා” යනුවෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.