විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන්, හෙට (30) දිනයේ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
තවමත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බවත්, අද වනවිට රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමේ බරපතළ අර්බුදයකට මුහුණදෙමින් සිටින බවත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතින බවයි එම සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.