වංචාවක් හෝ දූෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන වාර්තා තවදුරටත් විමර්ශනය කොට නඩු පැවරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ බලතල (කෝප් කමිටුවේ) වැඩි කිරීමට තීරණය කළ බවත් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට පසුගිය සිකුරාදා (28) ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර ප්‍රකාශ කරනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම බලතල වැඩි කිරීම මගින් කෝප් කමිටුවේ වාර්තා සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට හැකියාව ලැබෙන බවයි.
ඉන් අනතුරුව එම වාර්තා පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකිවන බව ද ඒ සඳහා කෝප් කමිටුවට ලැබෙන බලතල අනුව ඉදිරියේදී කටයුතු කිරීම සඳහා මෙම ස්ථාවර නියෝග සංශෝධනය කෙරෙන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මේ දක්වා කෝප් කමිටුවේ වාර්තා කතානායකතුමාට පමණක් යොමු කිරීම දක්වා සීමා වී තිබූ අතර මෙම ස්ථාවර නියෝග සංශෝධනය කිරීම තුළින් කතානායකතුමාට ඉදිරිපත් කිරීමට සමගාමීව එම වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට ද යොමුවන බවත් එමඟින් එම ආයතනවලට ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව ද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
මෙම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව වෙත යොමු කර එහිදී ඊට අදාළ සංශෝධන ඵක්කිරීමට කිරීමට නියමිත බව ද කෝප් කමිටුවේ සභාපතිවරයා සඳහන් කරනවා.
ඒ අනුව මෙම ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් පසුව යවන වාර්තා පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කළ යුතු බවත් ඒ සඳහා එම ආයතන දෙක කෝප් කමිටුවට වගකිවයුතු බවද නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මීට අමතරව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) බලතල ද වැඩි කිරීම සඳහාද අදාළ යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.