රත්ගමදී මාරක රිය අනතුරක්

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර ඊයේ (27) සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එම කාන්තාව මියගොස් තිබෙනවා.

මරණකාරිය බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි රත්ගම පොලිසිය පවසන්නේ.