ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද ආනයන බලපත්‍ර නිකුත් නොකිරීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා.
ඒ අනුව ආනයන බලපත්‍රයේ ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන්ද කැබිනට් පත්‍රිකාවක් මේ වන විට යොමුකර ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් නිෂ්පාදන කටයුතු නතර කර තිබුණද නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ තොග මේ දිනවල බෙදා හරින බවයි සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.