විෂ මත්ද්‍රව්‍ය සොයා ප්‍රදේශ දෙකක විශේෂ වැටලීම්

රුපියල් ලක්ෂ 70 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඒ වැලිගම සහ මිදිගම යන ප්‍රදේශවල කළ විශේෂ වැටලීමක් අතරතුරයි.

පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදුකළා.

එහිදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 70 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, සැකකරු දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති අතර ඔහුගෙන් ලද ප්‍රකාශවලට අනුව තවත් ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක්කිරීම ආරම්භ කර තිබෙනවා.