දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරී ජයලත් වෙත දුරකතන ඇමතුම් 2,000 ඉක්මවා ලැබී තිබෙනවා.
දකුණු පළාතේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ක්‍රියාත්මක මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බව දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරී ජයලත් පවසනවා.
ඒ අනූව දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම වෙනත් අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
මේ සඳහා මහජනතාවට තොරතුරු ලැබාදිය හැකි අතර ඔවුන්ගේ රහස්‍ය භාවය සුරකිනු ඇති.
අදාළ දුරකතන අංක පහතින්,
ගාල්ල දිස්ත්‍රික්කය:
නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල දිසාව ජගත් සේරම්, 071-8598010
කොට්ඨාසභාර නිලධාරි, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් ඒ එදිරිමාන්න, 071-8591452
කොට්ඨාසභාර නිලධාරි, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩි.ඩි.ඊ.එල්. රන්දෙණිය, 071-8591472
මාතර දිස්ත්‍රික්කය:
නියෝජ්‍ය පොලිස්පති, මාතර හම්බන්තොට දිසාව චාමික වික්‍රමසිංහ 071-8598011
කොට්ඨාසභාර නිලධාරි, මාතර පොලිස් අධිකාරී, ජයමිණි කුමාර 071-8591433
හම්බන්තොට දිස්ත්‍රික්කය:
නියෝජ්‍ය පොලිස්පති, මාතර හම්බන්තොට දිසාව, චාමික වික්‍රමසිංහ 071-8598011
කොට්ඨාසභාර නිලධාරි, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිපුණ දෙහිගම 071-8591488