ඉන්දියාවේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12ක් ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති රැලියකයි මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ.
එහිදී තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.
ඔවුන්ගෙන් 21කගේ තත්ත්වය බරපතල බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අවම වශයෙන් මෙම රැලිය සඳහා පුද්ගලයින් 30,000ක් පමණ එක්වන්නට ඇති බවයි පැවසෙන්නේ.
පැවති දැඩි තදබදය හේතුවෙන් පිරිසක් ක්ලාන්ත වී ඇති බවයි එම වාර්තාල දැක්වෙන්නේ.