විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක්

විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඉකුත් 18දින ආරම්භ කෙරුණා.

මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබෙනවා.

විදේශ රැකියා වංචාවන් වැලැක්විම හා පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබා දී විගමනික ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටවු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් සදහන් කලා.

නව රජය බලයට පත්විමෙන් අනතුරුව කඩිනමින් මෙම ඒකකය ස්ථාපනය කිරිමට හැකිවු බව එතුමා කියා සිටියා

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී බී.එම්.ටී.බස්නායක , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායකයන මහත්වරුවන් ඇතුළු පිරිසක් එක්වි සිටියා.