ජනපති අනුර ට්‍රම්ප් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වැනිදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ දෙපළ ඡායාරූපයකට ද එක් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 news images

 news images