ලෝකය මේ වනවිට සිටින්නේ ‘ලෝක විනාශයට මිනිත්තුවක දුරින්’ බවට රුසියාවේ න්‍යෂ්ටික බල සගයෙකු වන බෙලරූසය අනතුරු අඟවනවා.
රුසියාවේ පෙරළිකාර න්‍යෂ්ටික මිසයිලය බෙලරුසය වෙත පැමිණීමත් සමග මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණා.
බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ පවසන්නේ නවතම මිසයිලයෙන් තම රටේ සිට මිනිත්තු අටක් ඇතුළත ලන්ඩනයට පහර දීමේ හැකියාවක් පවතින බවයි.
‘ලෝක විනාශයේ ඔරලෝසුව’ (Doomsday Clock) මේ වනවිට පවතින්නේමධ්‍යම රාත්‍රියට ආසන්නම මොහොතේයි.
මේ සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයඅමතමින් බෙලරුසයේ විදේශ අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් ප්‍රකාශ කළේ, ලෝකය, ‘ලෝක විනාශයේ ඔරලෝසුව අනුව මධ්‍යම රාත්‍රියටඑදා මෙදාතුර පැමිණි ආසන්නතම අවස්ථාව’ මෙය බවයි.
රිෂෙන්කොව් තවදුරටත් අවධාරණය කළේ, ‘න්‍යෂ්ටික තර්ජනය පැහැදිලිව පෙනෙන තැනකට ලෝකය යළි පැමිණ ඇති’ බවයි.
ලෝක විනාශයේ ඔරලෝසුව (Doomsday Clock) න්‍යෂ්ටික අවිවලින් ලෝක විනාශයේ මොහොත සංකේතවත් කරන්නක්.
එහි කටුව මෙතෙක් පැවතියේ මධ්‍යම රාත්‍රියට තත්පර 89ක් ආසන්නයෙන්.
මෙය සකසා ඇත්තේ මිනිසා විසින් සාදන ලද ගෝලීය ව්‍යසන, උදාහරණයක් ලෙස න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ලෝකය කෙතරම් සමීපද යන්න පුරෝකථනය කිරීමේ ජාත්‍යන්තර සංකේතයක් ලෙසයි.
මිනිසා විසින් ඇති කරන විනාශය ලෝකයේ විනාශයට කෙතරම් ඉක්මණින් ගෙනයනවාදැයි මෙම ඔරලෝසුව සිහිපත් කරදෙනවා.
ඔරෙෂ්නික් යනමධ්‍යම පරාසයේ බැලස්ටික් මිසයිලමේ වන විට බෙලරූසයට පැමිණ තිබෙනවා.
බෙලරූස් ජනාධිපතිවරයා උදම් ඇනුවේ බෙලරුසය සතුව දැන් ‘මහත් විනාශකාරී බලයක් ඇති’ ආයුධ ඇති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තම රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රුසියානු උපායශීලී න්‍යෂ්ටික අවි යෙදවීමට බෙලරුසයට සිදුවූ බවයි. රුසියානු Oreshnik බැලස්ටික් මිසයිලය බෙලරුසියානු භූමියේ ස්ථානගත කිරීමට නියමිතයි.
බෙලරුසය සහ රුසියාව අතර පසුගිය වසරේ අත්සන් කරන ලද ආරක්ෂක සහතික පිළිබඳ ගිවිසුම මගින් ආරක්ෂාව සඳහා න්‍යෂ්ටික අවි ඇතුළු ඕනෑම ආකාරයක ආයුධයක් භාවිතා කිරීමට ඉඩ ලබා දෙන බව රිෂෙන්කොව් ප්‍රකාශ කර තිබුණා.
ඔරෙෂ්නික්යනු න්‍යෂ්ටික හැකියාවන් සහිත ආයුධයක්. සාම්ප්‍රදායික ඔරෙෂ්නික්මිසයිල මගින් සූර්යයාගේ මතුපිට තරම් උණුසුම් (සෙල්සියස් අංශක 4,000) උෂ්ණත්වයක් මුදා හැර ඉලක්ක පුළුස්සා දැමීමට හැකි බව පුටින් ප්‍රකාශ කරනවා.
ඔරෙෂ්නික් යනු රුසියාවේ න්‍යෂ්ටික හැකියාව පෙන්වන විප්ලවකාරී අවියක්.
රුසියාව මෙම විප්ලවකාරී න්‍යෂ්ටික හැකියාවන් සහිත ආයුධය, සජීවී යුධ ශීර්ෂයක් හෝ නොමැතිව, 2024 නොවැම්බරයේදී යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරයට එරෙහිව නියමු දියත් කිරීමක් ලෙස එක් වරක් පමණක් භාවිතා කර තිබුණා.
රුසියාවේ අභ්‍යන්තරයේ සිට දියත් කළාට වඩා වැඩි වේගයකින් බෙලරූසයේ සිටයුක්‍රේනයට සහ බටහිරට මෙමගින් පහර දිය හැකියි.
ඔරෙෂ්නික්මිසයිල ස්ථානගත කිරීම සඳහා මින්ස්ක් නගරයට දකුණින්පව්ලොව්කා ගම්මානය අසල රහස් හමුදා කඳවුරක්ඉදිකරමින් පවතිනවා. එය නේටෝ දේශසීමාවට ආසන්නයි.
මෙම ඉදිකිරීම් භූමිය පාපන්දු පිටි 280ක පමණ විශාලත්වයකින් යුක්ත වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.