ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ වුණා.
විසි හයවැනි වරට පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග ඇතුළු පිරිසක් සහභාගි වී සිටි බවයි සඳහන් වන්නේ.
මෙහිදී 26 වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර, උසස් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදුකෙරුණා.
මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා වෙළඳ කුටි 400 කට අධික සංඛ්‍යාවක් එක්වී ඇති අතර, අද සිට දින දහයක් පුරා පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයේදී විශේෂ වට්ටම් සහිතව, සෑම අංශයකම පොත්පත් මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව සැලසී තිබෙනවා.