2025 සැප්තැම්බර් මාසයේ පළමු දින 24 තුළ දී 126,379 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබෙයි.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 37,179 කි.
මීට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.
ඒ, අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,692,902 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

