මේ වසරේ රජයේ ආදායම ඉහළට

මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන පෙර වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 3301.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය වසරේ අදාළ කාලය තුළ බිලියන 2565.9ක් ලෙස සටහන් වූ බවයි මහ බැංකුව සදහන් කළේ.

ගතවූ මාස 8 තුළ මුළු වියදම් සහ ශුද්ධ ණය දීම් බිලියන 3476.9 සිට 3712.5 දක්වා වැඩිවී තිබෙනවා.