තිස්සමහාරාම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

තිස්සමහාරාම, මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් අවුරුදු 58 ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර, පෞද්ගලික ආරාවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.