පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව, මෙම කාරක සභාවට අදාළව දැනට පවතින ස්ථාවර නියෝග 120 (4) සංශෝධනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
විගණකාධිපතිවරයා විසින් මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තා පරීක්ෂා කිරීමේදී, බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට කාරක සභාව නිගමනය කළහොත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා කාරක සභාව විසින් එකී සිද්ධීන් ඍජුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට යොමු කරනු ලැබිය හැකි බවට මෙහිදී යෝජනා සංශෝධනයක් සිදු කරනු ලබන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව, මෙම යෝජනාව සළකා බැලීම සඳහා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද අතර, ඉන්පසුව අදාළ ඉදිරි පියවර ගැනීමට නියමිතයි.