එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව වෙත ප්‍රකාශකර තිබුණා.
මේ දිනවල කතාබහට ලක්වී ඇති මැති ඇමතිවරුන්ගේ හා දේශපාලඥයින්ගේ වත්කම් සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහක් ඇතිවූ අවස්ථාවේදී තමාට හිමි වත්කම් ගැන රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
” ඇත්තෙන්ම අපෙන් කවුරු හරි ඇහුවොත් මේ අපිට තියෙන වත්කම් ලැබුණේ කොහොමද කියලා හරි පැහැදිලි ඒවා කියන්න පුළුවන්.
මට ගෙයක් තියෙනවා. මෛත්‍රීටත් ගෙයක් තියෙනවා.ඒ වගේම අපට ඉඩම් කීපයක් තියෙනවා.ගොඩක් දේවල් ලැබුණේ පරම්පරාවෙන්.මම ගත්ත ඉඩමකුත් තියෙනවා.සමහර ඉඩම් විකුණලා දැම්මා” රනිල් තමාගේ වත්කම් ගැන කළමනාකරණ කමිටුව හමුවේ පැවසුවා.
” ඔබතුමාලගේ වත්කම් ගැන කාටවත් ඉතින් කියන්න දෙයක් නෑ. ඔබතුමාලා පාරම්පරික ධනවතුන්. ඒ ගැන සමාජයේ ප්‍රශ්න කිරිල්ලකුත් නැහැ.යනුවෙන් එහිදී පැවසුවේ චාමර සම්පත් දසනායක මන්ත්‍රිවරයායි.
” මම ඒ කාලෙ රුපියල් පහලොස් දාහකටත් ඉඩමක් ගත්තා. අධ්‍යාපන අමාත්‍යංශය ළඟ.පර්චස් 20ක්”රනිල් හිනහෙමින් අතීත සිද්ධියක් මතක් කළා.
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව පසුගිය 22වෙනිදා කොළඹ මල්පාරේ පිහිටි කාර්යාලයේදී රැස්වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.