නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා.

ඒ අනුව, නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බවයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම ඉදිරි සතිය ඇතුළත සිදු කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩල සේවකයින්ට තම කැමැත්ත මත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27 වැනිදා දක්වා අවස්ථාව පවතින බවයි බලශක්ති අමාත්‍යංශය පවසා සිටින්නේ.