ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669 ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට මෙමගින් ප්රතිලාභ ලබා දී ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.
එසේම, මෙම වසරේදී ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 2,491 ක් දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.