එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක 25 වැනිදා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් ජපන් රජයේ ආරාධනයකට අනුව සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.