අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතා දැමේ

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන්, එහි මසුන් මියයාම වාර්තාවීම නිසා, අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජල පිරිපහදු කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන තෙක්, පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍රන්නේ.

තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත්, නැවතත් ජල පිරිපහදු කටයුතු සිදුකිරීමට හැකි වනු ඇති බවද සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සඳහන් කර සිටියා.