2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත විසින් මෙම 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් 07 වැනිදා සිදු කිරීමට නියමිතයි.
නොවැම්බර් මස 08 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා දින 06 ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් මස 14 වැනිදා පස්වරු 06.00 ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් මස 15 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දින 17 ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත අතර, දෙසැම්බර් මස 05 වැනිදා පස්වරු 06.00 ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.