මුදල් ගනුදෙනුවක් ජීවිතයක් බිලිගනී

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී ඝාතනයක් සිදුකර තිබේ.

මියගිය පුද්ගලයා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කර ඇති අතර එහිදී ඔහු හා මිතුරු වූ පුද්ගලයෙකු සමඟ සිදුකර ඇති මුදල් ගනුදෙනුවක් සම්බන්ධව ඇති වූ ආරවුලකදී මෙම ඝාතනය සිදුකර ඇත.

ඊයේ (25) දහවල් කාලයේදී සැකකරු වෙළෙඳසැල තුළදී පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත. 

මියගිය පුද්ගලයා අවුරුදු 44ක ඩෙල්මාර්වත්ත, හල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ගෙන ඇති බවත් සැකකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු බවත් පොලීසිය පවසයි.