පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, ජාතික ළමා සතියට සමගාමීව මෙය ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථවලින් ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් එම පරීක්ෂා කිරීම් සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සඳහන් කර සිටියා.