ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රියන් ද ප්‍රමාද සහිතව ධාවනය වනු ඇති.