දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ‘අවදානයෙන් සිටින්න’ ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම හා යක්කලමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර හා මතුගම, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන හා පැල්මඩුල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ‘විමසිලිමත් වන්න’ ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.