වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (26) දිනයේදී අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, රුපියල් 3,014,260,000 ක මුදලක්, ප්‍රතිලාභීන් 602,852 කගේ ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

අස්වැසුම ප්‍රතිලාභීන් හට සැප්තැම්බර් මස 26 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිණුම මඟින් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.