පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී, අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් නුවරඑළිය මහේස්ත්රාත්වරිය විසින් ඔවුන්ට ඇප ලබාදී තිබෙනවා.
එසේම, සැකකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා නඩුව ඔක්තෝබර් 16 වැනිදා දක්වා කල් තැබීමට ද ඇය නියෝග කර තිබෙනවා.
මෙම සැකකරුවන් ඉකුත් 07 වැනිදා පිදුරුතලාගල රක්ෂිතයේ ‘කැරයන්’ යන ප්රදේශයට අවසරයකින් තොරව ඇතුළු වී, කඳවුරු බැඳ, ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් අවුරුදු 25-30 අතර වයස් කාණ්ඩවල පසුවන ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු ප්රදේශවල පදිංචිකරුවන් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.