අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත තමා මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් එහි වග උත්තරකරු ලෙස නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්යක්ෂවරයාට ලබන 02 වැනිදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අද (26) අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.