මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෘජුව දැනුම්දීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වාදෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට පොලීසිය විසින් අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව, පහත දුරකථන අංක ඔස්සේ සෘජුව අමතා තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ලබාදෙන්නා වූ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවත්, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දුරකථන අංක ඇතුළත් නිවේදනය පහතින්.

 news images