‘මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට, හදවතට එකඟව ඇප කැපවෙමු’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කර තිබෙනවා.
‘අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක්’ බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.
දූෂණය, සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතුවන ද්‍රෝහී වසංගතයක් ලෙස විශ්වාස කරන බවත්, දූෂණයට එරෙහි සටන භයානක බවත්, එහෙත්, දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳව ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක කණස්සල්ල පළ කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව හඩ නඟන බවද අවධාරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.