කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (25) අලුයම සිදුවී ඇති මෙම අනතුරෙන් තිදෙනෙකු මියගොස්, තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 07 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත්, එහිදී වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.