අනුරාධපුර – කුරුණෑගල ප්රධාන මාර්ගයේ තලාව, මීරිගම හංදිය ආසන්නයේ අද අලුයම සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තලාව, මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්රදේශයේදී, අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් මුහුණ මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
මෙම වෑන් රථය පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් වෑන් රථයක් වන අතර, එය ජාඇළ ප්රදේශයේ සිට මුලතිව් දක්වා ගමන්ගත් ගත් එකක් බවයි තලාව පොලීසිය ප්රකාශ කර සිටියේ.
මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.