නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, 01 ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා.
එමෙන්ම, එම මොඩියුලර් සඳහා 2026 වර්ෂයේදී 01 සහ 06 ශ්‍රේණියට අදාළ පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මස අගදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද සාකච්ඡාවක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පවසා සිටියා.