සෙලෙන්ස්කිගෙන් ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමක්

යුද්ධ නැවැත්වීමට තරම් ජාත්‍යන්තර ආයතන බල රහිත ආයතන බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඊයේ ලෝක නායකයින්ට අනතුරු අඟවා තිබෙනවා.

ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වීමට නම් බලවත් මිතුරන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, අවසාන වශයෙන් මිලිටරි සහය නොමැතිව එය අසාර්ථක වන බවත් සෙලෙන්ස්කි තර්ක කළා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, යුක්‍රේනය වෙනුවෙන් ගොඩනැඟ‍ෙන ආරක්ෂක සන්ධානයට තවත් රටවල් එක්වන ලෙසත්, රුසියාවට එරෙහිව පීඩනය තීව්‍ර කරන ලෙසයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “ආරක්ෂාව සහතික කළ හැක්කේ අපටම මිස වෙන කිසිවෙකුට නොවේ” යනුවෙන්.

ඔහුට අනුව ආරක්ෂාව තහවුරු වන්නේ බලවත් සන්ධාන, බලවත් හවුල්කරුවන්සහ තමන්ගේම ආයුධ මගින් පමණයි.

ඔහු පෙන්වා දුන්නේ කවුරුන් ජීවත් වේද? යන්න බව තීරණය කරන්නේ ආයුධ ඇති අය බවයි.

ඔහු මෙය භයානක නමුත් මගහැරිය නොහැකි යථාර්ථයක් ලෙස හැඳින්වූවා.

යුක්‍රේනියානුවන් සාමකාමී ජනතාවක් වුවද, ඔවුන් තම ස්වාධීන රට තුළ නිදහසේ ජීවත් වීමට කැමති ජනතාවක් බව ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කළා.

ඔහු පැහැදිලි කළේ, “ඒ නිසා තමයි අපි ආරක්ෂාව සඳහා ආයෝජනය කරන්නේ”. බොහෝ ජාතීන්ට, ආරක්ෂාව වෙනුවෙන් ආයෝජනය කිරීම හැර වෙනත් මාර්ගයක් ඉතිරිව නැති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.