පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා අඩවියේ වෙබ් අඩවියේ පළ කිරීම තුළ විශාල මහජන මතයක් සමාජය තුළ ගොඩ නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඒ තොරතුරු අනුව, වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සතුව ක්‍රිප්ටෝ මුදල් 3,000 ක් තිබෙන බව සඳහන් කර ඇති බවත්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව Binance ගිණුමේ USDT 1850 ක් පවතින බව සඳහන් කර ඇති බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
මෙවැනි කාරණා මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් බව සඳහන් කර ඇති බවත්, මෙම මුදල් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හෝ උන්ඩියල් හෝ හවාලා ක්‍රමයට ලබාගත්තේ ද යන්න මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරුණු ඉදිරිපත් කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.
ඒ අනුව වසන්ත සමරසිංහ සතු ක්‍රිප්ටෝ මුදල් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතු Binance USDT ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන ලෙස ද ඔහු ඉල්ලා තිබෙනවා.
පාර්ලිමේන්තු ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය වන ආකාරයට ඔවුන් ක්‍රියාකර තිබේ නම්, ඒ පිළිබඳව වහාම සොයා බලා පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බවත්, වරදක් කර තිබේ නම්, දැනටමත් ක්‍රියාත්මක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව යටතේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිමය ක්‍රියාවලිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් පවසා සිටියේ.