රනිල්ගෙන් දයාසිරිට හදිසි ඇමතුමක්

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට හදිසි දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සරය පසුගියදා පැවැත්වුණු අතර එම සංවත්සර සැමරුමෙන් පසු දිනක රාත්‍රියේදී දයාසිරි ජයසේකර වෙත දුරකථන ඇමතුම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

එම සංවත්සර උත්සවයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිදුකළ කතාවට ස්තුතිය පළ කළ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට ඇත්තේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි දයාසිරි හොඳට කතා කළ බවයි.