ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (26) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.
ඒ අනුව, හෙට (26) උදෑසන 9.30ට අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට ලිපියක් මඟින් ඔහු දැනුවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙරට ශ්‍රමිකයින් ඊ්ශ්‍රායල් රාජ්‍යයට යැවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.