තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ සුළි කුණාටුවත් සමග සිදු වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 33 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.
රාගසා නම් මෙම සුළි කුණාටුව ඊයේ තායිවානයට කඩා වැදුණු අතර එහි බලපෑමෙන් මේ වනවිට හුවාලියන් ප්‍රාන්තයට තද වැසි ඇද හැලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.